Learning Center

වැඩසටහනේ අපේක්ෂිත ප්‍රතිඵල: -

  1. සමාජයේ ක්‍රියාකාරී චරිතයක් ලෙස තරුණයින් පුහුණු කිරීම
  2. මානසික ගැටළු හා සමාජ ගැටළු අවම කරගැනීම සඳහා දැනුවත් ස්වෙච්ජා නිලධාරීයෙකු ලෙස ක්‍රියා කිරීමට හැකි මට්ටමට පෞරුෂ සංවර්ධනය
  3. මානසික ගැටළු හා සමාජ ගැටළු අවම කර ගැනීමට අවශ්‍ය කරන ග්‍රාමීය මට්ටමේ සක්‍රීය කණ්ඩායමක් සැකසීම
  4. මනෝ විද්‍යා උපදේශනය මඟින් කාන්තාවන් මෙන්ම ළමයින් පිළිබඳව සංවේදී වන ශ්‍රී ලාංකික පවුල් සමාජයක් ගොඩනැගීමට හැකි අනාගත පරපුරක් බිහිකිරීම
  5. සමස්ථ සමාජයේ පවතින බෝනොවන රෝග හා විවිධ ව්‍යවසනයන් වලදී විධිමත් ලෙස ක්‍රියා කල හැකි ග්‍රාමීය තරුණ කණ්ඩායම් නිර්මාණය කිරීම
  6. ජීවිතයේ අභියෝග ජය ගැනීම, ජීවිත කළමණාකරනය හා සමාජ සංවේදීභාවය ඇති අර්ථවත් මානුෂීය ගුණාංග ඇති අනාගත පරපුරක්  බිහිකිරීම

 

 

වැඩසටහනේ අරමුණ :-     

  1. සියලුම ආගම් පිළිබද ප්‍රමාණවත් සාමාන්‍ය දැනුමක් හා සියලු ආගම්වලට ගරු කළ හැකි තරුණ නායක පිරිසක් නිර්මාණය කිරීම.
  2. මෙම කණ්ඩායම හරහා සමාජයේ අනෙක් තරුණ කණ්ඩායම් ආමන්ත්‍රණය කිරීම.
  3.  තරුණ තරුණියන්ගේ මානසික ගැටළු ඔවුන් හරහාම හදුනා ගැනීම.
  4. මානසික ගැටලුකාරී යෞවනයින්ගේ එම ගැටළුවලට සවන් දියහැකි කණ්ඩායමක්  නිර්මාණය කිරීම.
  5. සර්ව ආගමික පසුබිමෙහි සිට ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා තරුණ  - තරුණියන්ට නූතන මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රමයන් හා ප්‍රථිකාර විධි හදුන්වාදීම හා සමීප කරවීම.
  6. තරුණයන් ආධ්‍යාත්මික වශයෙන් වෙනස් කිරීම මගින් සමස්ත සමාජයම ක්‍රමයෙන් වෙනස් කිරීම සදහා පදනම සකස්කර ගැනීම.
  7. ජිවිත්විමේදී ඇති වන ගැටඵකාරී තත්වයන් කලමනාකරණයට අවශ්‍ය කුසලතා සංවර්ධනය.
  8. මනෝ සමාජීය ක්‍රමවේද ඔස්සේ ප්‍රයෝගීක ක්‍රියාකාරකම් ඇසුරෙන්ක්‍රියාත්මක වේ.

සෘජු ප්‍රතිලාභීන්/සහභාගීවන්නන්    -වයස අවුරුදු 14-20 ත් අතර තරුණ තරුණයින්