News & Events

  • 18
  • Apr

පෞරුෂ සංවර්ධන වැඩසටහන

  • 18 Apr, 2024

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ චම්පා උපසේන අධ්‍යක්ෂතුමියගේ උපදෙස් මත සෑම මසකම සෑම සිකුරාදා දිනකම සිදුකරන, ඇඟලුම් ආයතනයේ අධ්‍යයන කටයුතු සිදුකරන සිසුන් හා නිලධාරීන්ගේ ගැටලු විසඳීමේ කුසලතා හා පෞරුෂ සංවර්ධන වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

  • 18
  • Apr

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා නිලධාරීන් සඳහා පවත්වන ලද ආකල්ප හා කුසලතා සංවර්ධන වැඩසටහන

  • 18 Apr, 2024

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා නිලධාරීන්ගේ පෞරුෂය සංවර්ධනය හා තෘප්තිමත් රැකියා ස්ථානයක් නිර්මාණය කිරීමෙහිලා කළයුතු කාර්යභාරය පිළිබඳ පවත්වන ලද ආකල්ප හා කුසලතා සංවර්ධන වැඩසටහන 2024-3-10 දින වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු හා පර්යේෂණ ආයතනයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී

  • 27
  • Nov

මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව මානසික යහපැවැත්ම පිළිබඳ වැඩමුළු පැවැත්වීම

  • 27 Nov, 2023

මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්ක තුල මානසික යහපැවැත්ම පිළිබඳ වැඩමුළු ඉතා සාර්ථකව පවත්වන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය රෝහන් රත්නායක මහතාගේ සම්පත්දායත්වය හා ප්‍රතිපාදන මත මෙන්ම කුරුණෑගල උපදේශන නිලධාරී තුෂාරි චන්ද්‍රෙස්කර මහත්මියගේ සම්බන්ධීකරණය මත, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථමවරට රෙජිස්ටාර්වරු මානසික යහපැවැත්ම සම්බන්ධව බලගැන්වීම 2023.10.13 වන දින කුරුණෑගල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද අතර, ‘වැඩිහිටියන් සමග එක්ව ඉදිරියට බලගැන්වෙමු’ වැඩසටහන, ප්‍රාෙයා්ගික ක්‍රියාකාරකම් සහිත මානසික යහපැවැත්ම පිළිබඳ වැඩමුළුව 2023-10-14 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී පවත්වන ලදී. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ හාරිස්පත්තුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලවල කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ උපදේශන නිලධාරීන් විසින් පවත්වනු ලබන මනෝවිද්‍යාත්මක රංග චිකිත්සාව සහ E0 නිර්මාණාත්මක චිකිත්සා වැඩසටහන ඉතා සාර්ථකව නිම කරන ලදී.

  • 18
  • Oct

National counseling day

  • 18 Oct, 2018 5.00 pm - 7.30 pm
  • 89 Colombo.

Charitable giving is the act of giving money, goods or time to the unfortunate, either directly or by means of a charitable trust or other worthy cause. Charitable giving as a religious act or duty is referred to as almsgiving or alms. The impoverished, particularly those widowed or orphaned,the ailing or injured, are generally regarded as the proper recipients of charity.