Share:

වර්තමාන සමාජය දෙස විචක්ෂණාත්මකව බලන කළ දෘෂ්මාන වන ප්‍රධානම ප්‍රස්තයක් වන්නේ සමාජ ප්‍රශ්න සංකිර්ණ හා විවිධාරයෙන් පැතිර යාමේ ප්‍රවනතාවය ඉහළ ගොස් ඇති බවය. එමගින් පිලිපන් ප්‍රතිඵලයන්හි මුඵ මහත් සමාජයමට සෘණාත්මක බලපැම් එල්ල කරනු ලබයි. නුතන සමාජ තුළ ප්‍රබල ලෙස පැන නැගී ඇති ගැටඵවක් ලෙස මත්ද්‍රව්‍ය සඳහා පුද්ගයන් නැඹුරු වීමේ ප්‍රවනතාවය ඉහළ යාමම හදුන්වා දිය හැකිය. ශ්‍රී ලංකීක පවුල් සංස්ථාවේ දෙදරා යාම් වැඩ් වීමත්, ළමා සුරක්ෂිතතාවය බිඳ වැටීමත්, ගෘස්ථ ප්‍රචණ්ඩතාවය වර්ධනය වීම.ද්‍රරිතාවය වර්ධන , සමාජවිරෝධි ක්‍රියාවන් ප්‍රචලිත වීම වැනී විධාකාර සමාජ යහජීවනය බිඳ වැටෙන ක්‍රියාකාරීත්වයන් සමුදායක මුල බිජය මත්ද්‍රව්‍ය උවදුර බව අප වටහා ගත යුතුය.

මෙරට 1815 සම්පුර්ණයේම තම ආධිපත්‍යය තහවුරු කරගත් ඉංශ්‍රීසින් විසින් මත්ද්‍රව්‍ය රටපුරා ප්‍රචලිත කිරිම සිදු කරන ලදී. එමෙන්ම නිදහසින් පසු සුරා බදු පනත මගින්බනීත්‍යනුකුලව  මද්‍යසාර නිපදවීම  හා  මධ්‍යසාර විකීණිම කරගන යැම ආරම්භ විය. 1992 -2002 අතර කාලයේ සුරා බදු ආදායම පෙර තත්වයට වඩා පස් ගුණයකින් වැඩි විය. මෙයට බලපාන ලද හේතු අතර මද්‍යසාර පරිභෝජනය මෙන්ම නිෂ්පාදනය ඉහළ යාම පෙන්වා දිය හැකිය. මෙරට කරනලද සමික්ෂණයක් අනුව නගර වැසියන්ලෙන් 43% ද වතුකරයේ ජනයාගෙන් 65% ක් වතුකරයේ කාන්තාවන් 25% ක්ද භාවිතා කරන බව වාර්තා වී ඇත.එමෙන්ම කුරුණැගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත් සභාවේ මත්ද්‍රව්‍ය නිවාරණ හා උපදේශන ඒකකය විසින් සිදු කරන ලද සමීක්ෂණයන් අනුව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යෙමු වු පුද්ලලයන් සංඛ්‍යාව 257935ක් වන අතර, එයින් මේ සඳහා ඇබ්බැහි වු ප්‍රමාණය 114038 කී. එම සමීක්ෂණයේ හෙළී කරන ලද ප්‍රධානම කරුණක් වුයේ  පහ වසර අඩු අධ්‍යාපන ලද කම්කරු වෘත්තීන්හි නියෙලේන පුද්ලයන් මෙම අබිබැහිය සඳහා යොමු වීමේ ප්‍රවනතාවය ඉහළ බවයි. එමෙන්මමෙම සමීක්ෂණයන් අනුව සමස්ත ශ්‍රී ලංකාවේම සැම ස්ථරයකම මත්ද්‍රව්‍ය භාවිතයසිදු කරන පසු බිමක් පවති බවත්,එම තත්වය තුළ  රටේ අනාගත සංවර්ධන ක්‍රියාදාමයේ ගමන් මග පිළිබඳව දෙවරක් සිතා බැලීමට කාලය එළබ ඇත.

 

 

කුරුණැග දිස්ත්‍රික්කයේ වාරියපොළ සමෘද්ධි ප්‍රතිලාභී කාන්තාවන් මත්ද්‍රවය නිවාරණය සඳහා බල ගැන්වීමේ වැඩ සටහන.

ශ්‍රී ලංකීක පවුල් ඒකකය මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වර්තමානයේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම නිසා  පිළිපන් මනෝ  සමාජය ගැටඵ සංඛ්‍යාව සංකීර්ණ වෙමින් වර්ධනය වීමයි. පවුල යනු පුද්ගයන් කිහිප දෙනකුගෙන් සැදුම් ලත් පද්ධතියකි. පවුලේ යහ පැවැත්ම පවුල තුළ භුමිකාවන්ගේ ස්වාභාවය, ආදරය, සෙනේහස, අවබෝධය, චාරිත්‍රවාරිත්‍ර, නීති , සංස්තෘතිය අනෝන්‍ය සුභ සිද්ධිය යනා දී සාධක මත තීරණය වේ. වර්තමානයේ පවුලේ ප්‍රධාන භුමිකාවක් නියොජනය කරන කාන්තාවන්ට මත්ද්‍රව්‍ය සඳහා පවුලේ සමාජිකයන් විශේෂයෙන් ස්වාමීපුරුෂයන් නැඹුරු වීම නිසා අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබේ.එම අභියෝග අතර විශේෂයෙන්  ස්වාමිපුරුෂයා මත් ද්‍රව්‍ය සඳහා නැඹුරැ වීම නිසා පවුලේ ආර්ඵිකය දිනෙන් දිනම සෘණාත්මක තලයකට ඇඳ වැටීමට පිළියන් සෙවීමට කාන්තාවන් සිදු වේ. විශේෂයෙන් ශ්‍රී ලංකීක ජනගහනයෙන් දිනකට 60 දෙනකු පමණ මරණට කරා රුගෙන යන මත්ද්‍රව්‍ය නිසා මිය යන්නේ පවුලේ පියාගේ භුමිකාව නියොජනය කරන පුරුෂයන් වීම නොරහසකි.මෙරටේ ආර්ඵිකයෙන් සෞඛ්‍ය සඳහා වැය වන මුදලින් අවුරුද්දකට බිලියන 240 පමණ මත්ද්‍රව්‍ය නිසා රෝගයන්ට ගොදුරුවුවන්ගේ සෞඛ්‍ය සඳහා වැය කිරිම සිදු වේ.  එම රෝගීන් අතර වැඩ් ප්‍රමාණයක් පවුල් පද්ධතියේ පියවරුන්ගේ භුමිකාව නියොජනය කරන බව පැවැසිය හැකිය. මෙම තත්වය තුළ  රටේ ආර්ථිකය නගා සිටු වීමට හා පවුලේ අර්ථිකයේ වැඩි දායකත්වයක් ලබා දීමේ වගකීම කාන්තාවන් මත පැටවී තිබිම තික්ෂණව බලන කල හදුනා ගත හැකි වේ.මෙම තත්වය තුළ මෙරට ආර්ඵිකය සඳහා  වැඩ් දායකත්වයක් ලබා දීමට කාන්තාවන් විවිධාකාරයෙන් දායකත්වය ලබා දීමට සිදු වී තිබේ.  වතු කම්කරුවන් ලෙස , ගෘහ සේවිකාවන් ලෙස හා ඇගඵම් කාර්මාන්ත සේවාවන් හි නිරත වෙමින් අනෙක විවිධ දුෂ්කරතාවයන්ට හා දුක්ක දොමනස්සයන්ට කාන්තාවන්ට මුහුණ දීමට සිදු වන්නේ මෙම මත්ද්‍රව්‍ය උවදුරේ සාපයට ඇය භාජනය වීමේ ප්‍රතිඵලයක් නිසා බව පැවැසිය මෙවැනි අහිතරකර විපාක ලබා දෙන මත් ද්‍රවය උවදුර පිටු දැකීමේ දී එහිපිඩාවට හසුවන  කාන්තාවන්ට පැවැරෙන කාර්ය භාර්ය සුලු පටු නොවන බව හදුනා ගත යුතුය.

පවුල් ඒකය තුළ දියණියක් ,තරුණියක්, මවක්, ලෙස ක්‍රියාකාරීව වගකිම් රාශියක් ඉටු කරනු කාන්තාව පවුල් පද්ධතියේ පැවැත්ම සඳහා විවිධ කැප කිරීම් සිදු කරනු ලබයි. මෙම මත්ද්‍රව්‍ය උවදුර පවුල තුළින් තුරන් කිරිමේ දී ළමුන් මේ සඳහා යොමු වීමේ ප්‍රවනතාවය අවම කිරි මේ දී කාන්තාවක්  ලෙස සක්‍රීය විය යුතුය. විශේෂයෙන් ළමුන් මෙම උවදුර සඳහා යොමු වෙන හේතු සාධක පිළිබඳම මනෝවිද්‍යාත්මක අධ්‍යන නය කිරිමේ දී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ දෙමාපියන් හා දරුවන් අතර පවතින දුරස්ථභාවය හා දරුවන් පවුල තුළින් හුදකලා වී විම වර්ධනය වී ඇති වබයි. විශේයෙන්ම පවුලේ න්‍යෂ්ටිය ලෙස ක්‍රියාත්මක වන මව ලෙස තම දරුවන් පිබඳව බුද්ධිමය සංවේදීභාවය වර්ධන කර ගත යුතුය. එනම් දරුවන් සම්බන්ධයෙන් තික්ෂණ හා සෘජු සංවේදීභාවක් වර්ධනය කර ගැනීම අතවශ්‍ය වේ. උදාහරණ ලෙස දරුවයන්ගේ ඇදුම් පැලදුම්,භාවිතාකරන උපකරණ, මුහුණේ ඉරියව් හා ඇස් හඩ ආදියේ හැසිරවීමේ ස්වාභාවය,දරුවන්ගේ හැගීම් හා අදහස් වල ස්වාභාවය, ඇසුරු කරන යාහඵවන්, පාසල් පොත් පත් වල ඇතුල් පිටුවල තබන සටහන්වල ස්වාභාවයන් ආදී  පිළිබඳව මවක ලෙස සක්‍රීයව කැප නොවුනොහොත් අනාගත රට භාර ගැනීමට සිටින පුරවැසියන්ගෙන් බහුතරයක් මෙම සාපයට බදුන් වීය හැකිය. ළමුන් පිළිබඳ පුර්ණ අවධානයක් ලබා දීම සිදු කිරිම අතවශ්‍ය වේ. විශේෂයෙන් මත් ද්‍රව්‍ය සඳහා යෙමු වු දරුවන්ගේ උපදේශන මැදිහත්වීම් තුළ දී අප හදුනා ගන්නා ප්‍රධානම ගැටඵව වන්නේ දෙමාපියන් තම දරුවා පිළබඳව ලබා දෙන අවධානය මානුෂික නොව බවයි. විශේෂයෙන්ම මෙවැනි තත්වයන්ය ගොදුරු වු දරුවන්  මෙම තත්වයෙන් මුදවා ගැනීමේ දී දෙමාපියන්ගේ විශේයෙන් මවගේ සහෘදයාත්මත මැදිහත්කරණ අවශ්‍ය වුවත් වැඩි දෙනකු මෙවැනි උවදුරකට දරුවා ගොදුරු වී සිටින බව දෙමාපියන්  පැවැසීම පවා එම දරුවන්ගේ ජිවිත අගධයකට ඇද දමන ආකාරයේ මානසික පීඩනයකට හේතු වී ඇත. විශේෂයෙන්ම එවැනි අවස්ථාවල දරුවන් මෙයින් මුදවා ගැනීමේ හෘදයාංගම සහනුකම්පනයට වඩා දෙමාපියන් දරුවන්ට කෘර ප්‍රතික්ෂේපිත තත්වයන්ට යෙමු වේ. මෙවැනි