වැඩසටහනේ අපේක්ෂිත ප්‍රතිඵල: -
- සමාජයේ ක්‍රියාකාරී චරිතයක් ලෙස තරුණයින් පුහුණු කිරීම
- මානසික ගැටළු හා සමාජ ගැටළු අවම කරගැනීම සඳහා දැනුවත් ස්වෙච්ජා නිලධාරීයෙකු ලෙස ක්‍රියා කිරීමට හැකි මට්ටමට පෞරුෂ සංවර්ධනය
- මානසික ගැටළු හා සමාජ ගැටළු අවම කර ගැනීමට අවශ්‍ය කරන ග්‍රාමීය මට්ටමේ සක්‍රීය කණ්ඩායමක් සැකසීම
- මනෝ විද්‍යා උපදේශනය මඟින් කාන්තාවන් මෙන්ම ළමයින් පිළිබඳව සංවේදී වන ශ්‍රී ලාංකික පවුල් සමාජයක් ගොඩනැගීමට හැකි අනාගත පරපුරක් බිහිකිරීම
- සමස්ථ සමාජයේ පවතින බෝනොවන රෝග හා විවිධ ව්‍යවසනයන් වලදී විධිමත් ලෙස ක්‍රියා කල හැකි ග්‍රාමීය තරුණ කණ්ඩායම් නිර්මාණය කිරීම
- ජීවිතයේ අභියෝග ජය ගැනීම, ජීවිත කළමණාකරනය හා සමාජ සංවේදීභාවය ඇති අර්ථවත් මානුෂීය ගුණාංග ඇති අනාගත පරපුරක් බිහිකිරීම
වැඩසටහනේ අරමුණ :-
- සියලුම ආගම් පිළිබද ප්‍රමාණවත් සාමාන්‍ය දැනුමක් හා සියලු ආගම්වලට ගරු කළ හැකි තරුණ නායක පිරිසක් නිර්මාණය කිරීම.
- මෙම කණ්ඩායම හරහා සමාජයේ අනෙක් තරුණ කණ්ඩායම් ආමන්ත්‍රණය කිරීම.
- තරුණ තරුණියන්ගේ මානසික ගැටළු ඔවුන් හරහාම හදුනා ගැනීම.
- මානසික ගැටලුකාරී යෞවනයින්ගේ එම ගැටළුවලට සවන් දියහැකි කණ්ඩායමක් නිර්මාණය කිරීම.
- සර්ව ආගමික පසුබිමෙහි සිට ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා තරුණ - තරුණියන්ට නූතන මනෝවිද්‍යාත්මක උපදේශන ක්රමයන් හා ප්‍රථිකාර විධි හදුන්වාදීම හා සමීප කරවීම.
- තරුණයන් ආධ්‍යාත්මික වශයෙන් වෙනස් කිරීම මගින් සමස්ත සමාජයම ක්‍රමයෙන් වෙනස් කිරීම සදහා පදනම සකස්කර ගැනීම.
- ජිවිත්විමේදී ඇති වන ගැටඵකාරී තත්වයන් කලමනාකරණයට අවශ්‍ය කුසලතා සංවර්ධනය.
- මනෝ සමාජීය ක්‍රමවේද ඔස්සේ ප්‍රයෝගීක ක්‍රියාකාරකම් ඇසුරෙන්ක්රියාත්මක වේ.
සෘජු ප්‍රතිලාභීන්/සහභාගීවන්නන් -වයස අවුරුදු 14-20 ත් අතර තරුණ තරුණයින්